skip to Main Content

Welcome to Coroners Association of Sri Lanka!

සමස්ථ ලංකා හදිසි මරණ පරීක්ෂක වරුන්ගේ සංගමයට ඔබව සාදරයෙන් පිලිගනිමු!

හදිසි මරණ පරීක්ෂණ ක්‍රියාවලිය ඉතා දියුණු මට්ටමක පවතින යුරෝපා රටවල විෂයානුබද්ධ තොරතුරු සංනිවේදනය සදහා ඉතා දියුණු තාක්ෂණික ක්‍රම උපයෝගි කරගැනීම සිදු කරයි.එහෙත් අවාසනාවකට මෙන් ශ්‍රීලංකාව තුල හදිසි මරණ පරීක්ෂණය හා හදිසි මරණ පරීක්ෂකවරයා පිලිබදව පැවතියේ ඉතා කණගාටුදායක තත්වයකි.මෙවන් පරිසරයක් තුලයි ශ්‍රී ලංකා හදිසි මරණ පරීක්ෂක වරුන්ගේ සංගමය බිහිවන්නේ. සමාජයේ හදිසි මරණ පරීක්ෂකවරයා කෙරෙහි ඇතිවී තිබූ ආකල්පය වෙනස් කරමින් ශ්‍රීලංකා ඉතිහාසයේ මුල්වරට විශ්ව විද්‍යාලයක ඩිප්ලෝමා පාඨමාලාව හදුන්වා දෙන්නට අපට හැකිවුණා.එපමණක් නොව හදිසි මරණ විෂය හා නෑදෑකම් කියන සියලුම අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු ඒකාබද්ධ කරමින් එකම සාමූහික ප්‍රයත්නයක විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලොවට දෙන්නට අපට හැකිවුනා. පසුකාලීනව සමස්ථ ලංකා හදිසි මරණ පරීක්ෂක වරුන්ගේ සංගමය නමින් වෙනස් වූ අප දකුණු ආසියාවේ ප්‍රථම වරට හදිසි මරණ පරීක්ෂක වරුන්ගේ වෙබ් අඩවියක් ඔබට තිළිණ කරන්නේ ශ්‍රී ලංකා වාසී සියලුම හදිසි මරණ පරීක්ෂක වරුන් දැනුමෙන් ,විනයෙන්,ආකල්පයමය වශයෙන් හා වගකීම් සහිත තනතුරක අභිමානය සුරකිමින් කටයුතු කිරීම වස් ඔවුනට අවශ්‍ය එකී සියලුම අවශ්‍යතා සපුරමින් ලෝකයේ හදිසි මරණ පරීක්ෂණ විෂය ඇත්තේ කොතනද, එතැන සුන්දර වූද, කටුක වූද, ඒ සියලු තැන් සැරිසරන්නට ඔබව රැගෙන යන මාවතයි මේ……….

නිලධාරී මණ්ඩලය

ගරු සභාපති – W.M.අනුර හේරත් | 0777700601
ගරු ලේකම් –  W.M.රංජිත් ධර්මසිරි |  0740005128
ගරු භාණ්ඩාගාරික  – විපුල නරසිංහ | 0777325904

ජාතික සංව්ධායක – M.H.M. ෆර්ෂාන්
උප සභාපති – අෂ්රෆ් රුමි, H.M.K.හේරත්, ජව්ෆර් සහාබ්දීන්
උප ලේකම් – ඩිලෂාන් කන්දෙමුල්ල
මාධ්‍ය ලේකම් – Y.K රංජිත්
ගිණුම් පරීක්ෂක – ඉරේෂා දේශානි සමරවීර
අනුශාසක – R.S.ගුනසේන

මතක සටහන්

Back To Top